බැඳුම්කර මහේන්ද්‍රන් රකින්න එජාපය ඉන්ටර්පෝල් එකටත් බොරු කීවා! – මෛත්‍රී

June 3, 2020 at 11:28 pm | by emanisa.lk

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වූයේ යහපාලන ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව ජාත්‍යන්තර පොලිසියට සාවද්‍ය තොරතුරු සැපයීම නිසා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේදී නම වෙනස් කර ඇති බවයි.

තමා ලේඛනවල 21000 වාරයක් අත්සන යොදා ජාත්‍යන්තර පොලිසිය නැවත දැනුම්වත් කර ඔහුට විරුද්ධව රතු නිවේදනයක් නිකුත් කළ ද මේ වන විට ඔහු සිය නම වෙනස් කර ඇතැයි දැන ගන්නට ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස