බැඳුම්කරවල මිලියන 500ක් ආයෝජනය කළේ රාජපක්ෂලගේ ඥාතීන් …! – ශ්‍රිලනිපය…

January 18, 2022 at 5:58 am | by emanisa.lk

මෙරට බැඳුම්කරවල ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලාගේ කබ්රාල්ලාගේ ඥාතීන් හිතවතුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කරයි.

මහ බැංකුව විසින් ඩොලර් මිලියන 500 ක බැඳුම්කර ණයක් ගෙවීමට සූදානම් වන්නේ ඔවුන්ට වැඩි ලාභයක් ලබා දීමට බව ද හෙතෙම සඳහන් කළේය.

එහෙත් රටේ ජනතාවට පවන්නේ මෙය ලෝකයෙන් ගත් ණයක් පියවන බව යැයි ද පැවසූ ඔහු මෙම බැඳුම්කරවල ආයෝජනය කළේ කවුදැයි හෙළි කරන ලෙස ද ඉල්ලා සිටියේය.

මේ අර්බුදකාරී අවස්ථාවේ ණය ගෙවීමට කල් ඉල්ලා ගන්නැයි ලෝකයම කියද්දී බැදුම්කරවල මුදල් ආයෝජනය කලගළ ඥාතීන්ට මිත්‍රයන්ට වැඩි මුදලක් ලබා දීම සඳහා ඩොලර් මිලියන 500ක බැඳුම්කරය ඉක්මනින් ගෙවීමට උත්සාහ කරන බව ද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කළ ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස