බැංකු පොලී අඩු කරන්න බෑ…! IMF වැඩේ හරි ගියා ම පොලී බහිනවා..!

November 19, 2022 at 9:16 am | by emanisa.lk

බැංකු ණය සඳහා අය කරන පොලී අනුපාත ඉහළ යාම පාලනය කර සහන ලබාදීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

“අපිට ණය ගෙවන්න මුදල් නෑ. ලොකු අයවැය පරතරයක් තියෙනවා. පොලී අනුපාතය ඉහළ යෑම තාවකාලිකයි. මුලින්ම ඒක පාලනය කරගන්න ඕන. දැනට අපි අයි.එම්.එ‍‍ෆ් එකත් එක්ක කතාකර ගෙන යනවා. ජනවාරි වෙන​කොට ඉන්දියාවයි, චීනයයි අපිට සුබවාදී ප්‍රතිචාර දක්වාවි. ඒ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සිදුවුණ ගමන්ම පොලී අනුපාතය වෙනස් වේවි.”

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේ දී ඔහු මේ බව පවසා තිබේ.

මන්ත්‍රිවරුන් ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාපාරිකයන් සහ ජනතාව බැංකුවලින් අඩු පොලියට ලබා ගත් ණය සඳහා සියයට 20 සිට සියයට 30 ඉක්මවන පොලියක් ගෙවීමට සිදුවී තිබෙන නිසා සහන ලබා දෙන ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *