බැංකු කාඩ්වලින් සල්ල අදින ජාවාරමක්! ATM ගනුදෙනු සඳහා SMS සේවාව ලබා ගන්න!

February 6, 2019 at 5:07 am | by admin

ව්‍යාජ ATM කාඩ්පත් සකස්කර බැංකුවලින් මුදල් ලබාගැනීමට සුළු පිරිසක් ගත් උත්සාහය ගැන ජනතාව අනියත බියක් ඇතිකර ගතයුතු නැති බවත්, ඔබ ATM කාඩ්පතක් භාවිත කරන්නේ නම්, ඔබේ ගනුදෙනුව SMS පණිවුඩයක් මගින් තහවුරු කිරීමේ සේවාව සමග ලියාපදිංචිවීම වඩාත් යෝග්‍ය බවත් ලංකා ක්ලියර් සමාගමේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පවසයි.

තම බැංකු ගිණුම්වලින් තමන් නොදැන මුදල් ලබාගෙන ඇති බවට පාරිභෝගිකයන් පිරිසක් විසින් ඇතැම් බැංකුවලට කර තිබූ පැමිණිලි සම්බන්ධයෙන් හා ATM කාඩ්පත් භාවිතය සම්බන්ධව පැතිර යන කටකතා සම්බන්ධයෙන් කළ විමසීමකදී හෙතෙම මෙසේ සඳහන් කළේය.

එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ චන්න ද සිල්වා මහතා,

“ATM කාඩ්පතේ දත්ත ව්‍යාජ ලෙස ලබාගැනීමට ස්ථාන කිහිපයකදී කටයුතු කර තිබෙන්නේ සුළු පිරිසක් බව මේ වනවිට තොරතුරු වාර්තා වෙනවා. මෙය අද ඊයේ සිදුවූ දෙයක් නොවෙයි. මීට පෙරත් මෙවැනි සිදුවීම් වාර්තා වුණා. මේ පිරිස විදේශික පිරිසක් බවත් සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් ආරක්ෂිත පියවර ගැනීමට බැංකු දැනටමත් කටයුතු කර තිබෙනවා. ඒ වගේම, මොවුන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටිනවා. මෙය ලංකාපේ ජාලයේ ගැටලුවක් නොවන බවද සඳහන් කළ යුතුයි. ඒ නිසා, ATM කාඩ්පත් භාවිතය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇතිකර ගතයුතු නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස