බාල සනීපාරක්ෂක තුවා තොගයක් නිදහස් කරන ලෙස රේගුවට බලපෑම්….!

April 6, 2021 at 8:13 pm | by emanisa.lk

ආනයනය කළ බාල සනීපාරක්ෂක තුවා තොගයක් නිදහස් කරන ලෙස ඉල්ලා රේගුවට දැඩි බලපෑම් එල්ල වන බව වාර්තා වෙයි.

ප්‍රකට මාධ්‍ය ආයතන හිමිකරුවෙකු සතු සමාගමක් මගින් ගෙන්වා ඇති මෙම සනීපාරක්ෂක තුවා තොගය රේගුව මගින් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම අර්බුදය නිර්මාණය වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණය සමයේ සිය අපේක්ෂකයා ජයගතහොත් ජනතාවට නොමිලේ පෑඩ් ලබා දෙන බවට ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම පිටුපස ද මෙම ආයතනය විසින් බව සඳහන් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *