බාර් වැහුම ගමන් රට පුරා කසිප්පු පෙරනවා…! ඒ නිසා දවසක් දෙකක් බාර් අරින්න වෙනවා….!

September 20, 2021 at 10:27 pm | by emanisa.lk

මාස ගණන් බාර් වසා තැබුව ද මිනිස්සු බීම අත් නොහරින බව ඇමැති එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

ජනතාව මත්පැන් පානයෙන් ඉවත් වන්නේ නම් තමන් ඉතා කැමති වුව ද බාර් වැසූ විගස ජනතාට කසිප්පු පානයට ඇබ්බැහි වන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

ගම්වල වැඩි මිලට සීනි ද මිලට ගෙන සිරුරට අහිතකර කසිප්පු පෙරණ බවත් ඔහු සඳහන් කරයි.

එහෙයින් දවසක් දෙකක් සුරාසැල් විවෘතව තැබීමට ආණ්ඩුවට සිදුව ඇතැයි ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *