බාර් වහල තිබ්බ කාලේ ගල් බෝතලේ රු. 4000ට ගියා…! බාර් විවෘත කිරීම යහපත් තීන්දුවක්…!

September 22, 2021 at 8:27 am | by emanisa.lk

නිරෝධායන ඇඳිරි නීතිය පවතිද්දී මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට රජය ගත් තීන්දුව යහපත් එකක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

“එකක් තමයි රට ඇතුළේ රජයට මුදල් එන ප්‍රධාන මුදල් මූලාශ්‍ර කිහිපයක් තියෙනවා. අනික රට වහලා තිබුණායි කියලා ජනතාවට බඩගින්නේ ඉන්න දෙන්න පුළුවන්කමක් නෑ.

එහෙම නම් රට වහලා තිබුණායි කියලා රටට එන ආදායම් අඩුවෙන්න පුළුවන්කමක් නෑ. එතනදි දැන් බාර් එක වහලා තිබුණායි කිව්වාට, එළියේ අරක්කු විකුණන්න තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගල් අරක්කු බෝතලේ රුපියල් 3500 – 4000ට එළියේ විකුණන්න තිබුණා.

ඒ නිසා බාර් එක ඇරලා තියෙනවා නම් දැන් නිරෝධායන ඇඳිරි නීතියේ බලපත්‍ර තියෙන කිහිපදෙනෙක් හරි ඉන්නවා නම් ඒ කෙනෙක් හරහා හරි එළියට අරක්කු ටික යයි.

එතකොට දැන් මිනිස්සු කසිප්පු බීලා මැරෙන එක නතර වෙනවානෙ. ඒකත් ලොකු දෙයක්නෙ. මං හිතන්නෙ රජය ගත්ත හොඳ තීන්දුවක්. බාර් සතියට දවස් කීපයක් හරි අරින්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්”

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මේ බව පැවසුවේ ඊයේ (21) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *