බාර් ඇරි ගමන් ජනතාව ඇරියස් කවර් වෙන්න බොති…! දින 09ට රු. කෝටි 500ක බදු ආදායමක්…!

October 12, 2021 at 1:08 pm | by emanisa.lk

සුරාසැල් විවෘත කළ පසුගිය මාසයේ දින 09 ට සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පවසයි.

සුරාසැල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50 – 70 ත් අතර ආදායමක් හිමිවන අතර මේ වසර අවසන් වන විට රුපියල් බිලියන 135ක සුරාබදු ආදායමක් රජයට ලබා දීමට හැකි වනු ඇතැයි ඔහු පවසයි.

ලබන සතියේ දින දෙකක් සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ලබන 19 වැනිදාට යෙදෙන නබි නායක උපන් දිනය දා සහ පසුදින, එනම් 20 වැනි පොහොය දිනය දා මෙලෙස සුරාසැල් වසා තැබෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *