බාර් ඇරියේ විෂ කසිප්පු රකුසාගෙන් ජනතාව බේර ගන්නයි…! – එස්.බී….

September 21, 2021 at 8:25 pm | by emanisa.lk

පසුගිය කාලයේ සුරාසැල් වසා තැබීම නිසා ග්‍රාමීය මට්ටමින් විෂ මත්පැන් නිෂ්පාදනය ඉහළ ගිය නිසා එම උවදුරින් ජනතාව බේරා ගැනීම සඳහා සුරාසැල් විවෘත කළ බව පොදුජන‍ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

සුරාසැල් වසාදමා තිබෙන විට ජනතාව විවිධ ආකාරයෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොමුවන බවත් පවතින වසංගත තත්ත්වය හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් වැටලීම් සිදු කිරීමද අසීරු වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඒ නිසා සුරාසැල් විවෘත කිරීමෙට තීරණය කළේ කවුද යන්න‍ට වඩා වැදගත් වන්නේ විවෘත කළේ කුමන අරමුණක් මත ද යන්න සොයා බැලීම බව ඔහු අවධාරණය කරයි.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් එස්.බී. දිසානායක මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *