බාර් අරින්න ආණ්ඩුව අවසර දුන්නේ නෑ…! කොවිඩ් කමිටුව එහෙම තීන්දුවක් ගත්තෙත් නෑ…!කවුද බාර් ඇරියේ…? – නාමල්…

September 20, 2021 at 7:02 am | by emanisa.lk

“රට විවර වෙන්න විනාඩියක් තිබෙද්දි පිරෙන්නේ බාර් එක නම් එතැනින් එහාට අපි යන්නේ කොතනටද කියන එක ගැන දෙපාරක් කල්පනා කරන්න ඕනෑ” යැයි ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ තංගල්ලේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

“සුරාසැල් විවෘත කිරීම පිළිබඳව වැරැදි පණිවුඩයක් ගිහින් තිබෙන බවයි මගේ මතය. කොවිඩ් කමිටුවවත් ආණ්ඩුවෙන්වත් එවැනි තීන්දුවක් ගත්තෙ නැහැ. කොවිඩ් කමිටුවේ තීන්දුවක් ගන්නවා නම් එය ගන්නේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත රටේ පවතින තත්ත්වයට අනුකූලව ව්‍යාප්තිය අවම කරගැනීමටයි. බාර් ඇරපු එක ගැන කොවිඩ් කමිටුවේ කිසිම තීන්දුවක් ගත්තේ නැහැ. හැබැයි බාර් ඇරපු එකෙන් දැකපු දර්ශනය අනුව හිතන්න දෙයක් තිබෙනවා.

කොච්චර ආර්ථික අපහසුතා තියෙනවා කිව්වත් කුලී වැඩ නෑ කිව්වත් සංචරණ සීමා දාල තිබුණත් බාර් ඇරියාම පෝලිම නම් තියෙනවා. බාර් ඇරපු එක කෙසේ වෙතත් එයින් ලැබුණ පණිවුඩය නම් මේ රටේ ජනතාව සහ ආණ්ඩුව මීට වඩා අනාගතවාදීව වැඩපිළිවෙලක් එක්ක බැලිය යුතුයි. මොකද රට විවර වෙන්න විනාඩියක් තිබෙද්දි පිරෙන්නේ බාර් එක නම් එතැනින් එහාට අපි යන්නේ කොතනටද කියන එක ගැන දෙපාරක් කල්පනා කරන්න ඕනෑ” යැයිද කීවේය.

– ADA

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස