බාන්ස් ආණ්ඩුකාරයට පස්සේ මේ රටේ මහා මාර්ග විප්ලවයක් ඇති කළේ ජනාධිපති මහින්ද….! – ජොන්ස්ටන්…

June 7, 2021 at 3:34 pm | by emanisa.lk

වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කරන විට එය චීනුන්ට ලබා දෙන බව කී පිරිස කැලණිය – අතුරුගිරිය නව අධිවේගී මාර්ගය චීනුන්ට විකුණා ඇතැයි බොරු කීවේ යැයි මහා මාර්ග ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

නව අධිවේගී මාර්ගය සහ ගුවන් පාලම් 06ක කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (07) එකතු වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

“බාන්ස් ආණ්ඩුකාරවරයාගෙන් පස්සේ මේ රටේ මහා මාර්ග විප්ලවයක් ඇති වුණා නම් ඒ අග්‍රාමාත්‍යතුමනි, ඔබ තුමා ජනාධිපතිවරයාව සිටි කාලයේදීයි. ඔබ තුමා තමයි කොළඹට සීමා වී තිබුණු කාපට් මාර්ග මේ රටේ අස්සක් මුල්ලක් නෑර ගෙනිහිල්ලා කිලෝ මීටර් 12000 ක් 13000 ක් දක්වා යුද්ධයක් කරන ගමන් මේ රටේ යටිතල පහහසුකම් දියුණු කරපු නායකයා.

අධිවේගී මාර්ග සංස්කෘතිය නිර්මාණය කරපු, හඳුන්වා දුන්න නායකයා ඔබතුමායි. ඔබතුමා 2015 දී පැරදුනේ නැත්නම් මේ මාර්ග ඔක්කොම හදල මේ ගුවන් පාලම් හදලා විශාල දියුණුවක් ලබන්න තිබුණා.

කොවිඩ් ව්‍යාවසනය තියෙද්දී ඒ අභියෝගයට මුහුණ දෙමින් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මේ රටේ යටිතල පහසුකම් දියුණු කරන්න අනන්ත කැපවීමක් වැඩ කටයුතුකරන අපේ ජනාධිපතිතුමාව ඉතාමත් ගෞරවයෙන් මේ මොහොතේ මතක් කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ ඔබතුමාගේ මහින්ද චින්තනයේ තිබ්බ වැඩපිළිවෙළත් ඒ වගේ ම අලුත් වැඩපිළිවෙළකුත් සෞභාග්‍යෙය් දැක්ම ඇතුලේ තියෙනවා.

ගරු ඇගමැතිතුමනි, මේ ව්‍යාපෘතිය කැබි‌නෙට්ටුවෙන් අනුමත වෙච්ච ගමන් විපක්ෂය කීවේ චීනුන්නට පාර දුන්න කියලයි. එදා ඔබතුමා මේ වරාය නගරයට මුල්ගල් තියනකොට එදත් කීවේ මුළු ඉඩම ම චීන්නුන්ට දුන්න කියලයි.

හැබැයි ඔබතුමා එහෙම කළේ නැහැ කවදාවත්. ඔබතුමා මනා පරිපාලනයකින් ආර්ථිකය මෙහෙයවමින් මේ රටේ අනාගතය වෙනුවෙන් යටිතල පහසුකම් දියුණු කරපු නායකයා. ඔබතුමා කවදාවත් මේ රටේ තිබුණු සම්පත් විකුණපු නායකයෙක් නෙමෙයි.

හැබැයි ඔබතුමාට මඩගහපු ඒ විපක්ෂය බලයට ඇවිල්ල කළේ ඔබතුමා බොහොම ආදරෙන් හදපු හම්බන්තොට වරාය අවුරුදු 99 කට දුන්නා. ඒ නිසා මේ වෙලාවේ මම මතක් කරනවා ඔබතුමා හිටියනම් කවදාවත්ම ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි දන්නවා.

ඒ නිසා අදත් ඔවුන් කරන්නේ මඩ ගහන එකමයි. එදා ඔබතුමා දකුණු අධිවේගී මාර්ගය හදනකොට කීවේ රාජපක්ෂලාට ඇඹුල්තියල් ගේන්න කිරිපැණි ගේන්න තමයි අධිවේගී මාර්ගය හැදුවේ කියලා. අද පුළුවන් දිසානායක මහත්තයට ඒකෙන් කරදරයක් නැතිව ඇඹුල්තියල් ගෙන්න ගන්න ගෙදරට ම.

මේ ව්‍යාපෘතිය පටන් ගන්නකොට කීවෙත් ඕන් චීන්නුන්ට දුන්න කියලා. පුළුවන් තරම් බලන්නේ මඩ ගහන්න.
එදා 2015 න් ඉස්සල්ල හැම අතින්ම ඔබතුමාට අපහාස කරල ඔබතුමාගේ පවුලට අපහාස කරල ඔවුන් රාජ්‍ය බලය ගත්තට පස්සේ ඔබතුමාගෙන් සහ ඔබතතුමාගේ පවුලේ අයගෙන් පළිගත්ත හැටි අපිට අමුතුවෙන් මතක්කරන්න දෙයක් නැහැ. පළිගත්ත හැරෙන්න සම්පත් විකුණුවා හැරෙන්න ඔවුන් මේ රටට කරපු දෙයක් නැහැ. ආර්ථිකය විනාශ කෙරුවා හැරෙන්න ඔවුන් මේ රටට කරපු දෙයක් නැහැ.

ඒ විතතරක් නෙමෙයි ජාතික ආරක්ෂාව විනාශ කරල මුළු රටේ ම ජනතාවගේ ජීවිත අවදානමට පත්කරපු ආණ්ඩුවක් තමයි අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සහ ඔබතුමාට මේ ආණ්ඩුව පාලනය කරන හැටි උගන්වන්න හදන්නෙ. ඒ නිසා ආර්ථිකය විනාශ කරපු අය ආර්ථිකය හදන හැටි ගැන උපදෙස් දෙනකොට අපි පුදුමයට පත්වෙනවා.”

යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස