බ්‍රිතාන්‍ය ඉන්දීය දරුණු කොවිඩ් ප්‍රභේද ලංකාවේ ප්‍රදේශ රැසකින් හමු වෙයි….!

June 10, 2021 at 2:05 pm | by emanisa.lk

බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය වන B117 (ඇල්ෆා) ආසාදනය වු කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමු වී තිබේ.

ඒ මඩකලපුව, තිරිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදූව, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලිනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මේ බව අනාවරණය කර තිබේ.

එසේම ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ලෙස සැලකෙන B.1.617.2 (ඩෙල්ටා) ආසාදිතයෙක් වාද්දූව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වූ අතර එම පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙක් බව වාර්තා වී තිබේ.

මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකළ නවතම අධ්‍යයන වාර්තාව අද (10) උදෑසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත භාර දුන් බව ද වෛද්‍ය චන්දිම ජීවන්දර වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *