බ්‍රිතාන්‍යයේ සිට කසල ගෙන්නුවේ ධම්මික පෙරේරා!

July 13, 2019 at 4:36 pm | by emanisa.lk

බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු රෝහල් අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 102ක් ලංකාවට රැගෙන ආවේ ධම්මික පෙරෙරාට අයත් හේලිස් සමාගම විසින් බවට වාර්තා පළ වී තිබේ.

එලෙස ගෙන ආ කසල තොගයක් දැනට හේලීස් සමාගමේ උප සමගාමක් වන Advantis නම් සමාගම් භූමිය තුළ ගොඩගසා ඇති ආකාරය දැක්වෙන ගුවන් ඡායාරූප ද නිකුත් වී ඇත.

මෙම ජාවාරම මගින් අදාළ සමාගම අතිවිශාල ධනස්කන්ධයක් උපයා ඇති අතර රේගු භාරයට ගත් කන්ටේනර් 102 නැවත හරවා යැවීමට කටයුතු කළ ද ඊට පෙර ලංකාවට සූක්ෂ්ම ලෙස ගෙන ආ කසළ බැහැර කිරීමට හෝ එම ජාවාරම නතර කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස