බහුතර ජනතාව හලාල් ප්‍රතික්ෂේප කරයි! නෙල්නා සමගම හලාල් ප්‍රමිතිය ඉවත් කරයි! තව සමාගම් පෝළීමේ! (video)

June 1, 2019 at 12:54 pm | by admin

නෙල්නා සමාගම මැයි මස 31 වන දින සිට සිය නිෂ්පාදවලින් හලාල් ප්‍රමිතිය ඉවත් කර ගැනීමට තීරණය කළ බව එහි සාමාන්‍ය අධ්‍යක්ෂ (අලෙවි/වෙළෙඳ) කපිල රාජපක්ෂ පවසයි.

සිය පාරිභෝගික ජනතාවගේ වෙළෙඳසැල් හිමියන්ගේ සහ වෙළෙඳ නියෝජිතයන්ගේ දැඩි ඉල්ලීම මත මම තීන්දුව ගැනීමට සිය සමාගමේ සභාපති එඩී ගුණපාල නානායක්කාර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීන්දුව ගත් බව ඔහු සඳහන් කළේය.

හලාල් ආහාර රැගෙන සිය වෙළෙඳසැල්වලට ගොඩ නොවන ලෙස වෙළෙඳ මහතුන් බලපෑම් කරන බවත් පාරිභෝගික ජනතාවගෙන් දිනකට දුරකතන ඇමතුම් 25-30 හලාල්වලට එරෙහිව ලැබෙන බවත් ඔහු හෙළි කළේය.

2014 වසරේ ද තමන්ට හලාල් ලාංඡනය ඉවත් කිරීමට සිදු වූ බවත් නැවත ඇති වූ බලපෑම් මත එය ගැනීමට නැවත හලාල් ප්‍රමිතිය ගැනීමට සිදු වූ බවත් එහිදී රු. ලක්ෂ 120ක පමණ පිරිවැයක් දැරීමට තම සමාගමට සිදු වූ බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර රට පුරා සිංහල දෙමළ ජනතාව හලාල් ආහාර ප්‍රතික්ෂේප කිරීම නිසා තවත් සමාගම් සිය නිෂ්පාදනවලින් හලාල් ඉවත් කර ගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.

අල්ලාහ් සහ ඔහුගේ දූතයන් අනුමත කර ඇති සියල්ල හලාල් ලෙස හැඳින්වෙයි. ඒ අනුව එම මුස්ලිම් විශ්වාසය අනුව සැකසූ ආහාර හලාල් ලෙස හැඳන්වෙයි. මෙය මෑතක ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ව්‍යාපාරයකි. එම ප්‍රමිතිය ලබා දීම ඔස්සේ ඔවුන් විශාල ලාභයක් උපයමින් ඇත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස