බස් රියදුරු පාඨමාලාවක් අවශ්‍යයයි…! සමත් වන පිරිස පමණක් මගී ප්‍රවාහන සේවයට ගත යුතුයි…! – ආචාර්ය නිර්මාල්…

March 20, 2021 at 7:53 pm | by emanisa.lk

පෞද්ගලික බස්රථ නියාමනයේ දී රියදුරු සහායක වෘත්තීන් නිසි ලෙස නියාමන කළ යුතු බව ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා තිබේ.

“පුද්ගලික බස්රථ නියාමනය කිරීමේ දී ගත යුතු ප්‍රමුඛ පියවරක් වන්නේ රියැදුරු හා කොන්දොස්තර වෘත්තීන් නිසි පරිදි නියාමනය කිරීමයි. මේ වෘත්තීන් දෙකට ඉතා විධිමත් ලෙස සුදුසුකම් නියම කළ යුතුය.

ඒ සදහා සුදුසු පාඨමාලාවක් සකස් කොට ඒවායෙන් සමත්වන පිරිස් පමණක් රියැදුරු කොන්දොස්තර තනතුරු සදහා බදවාගත යුතුය. මාර්ග විනය, ආචාර ධර්ම, පුරවැසි අයිතීන්, වැනි දේ ඒ පාඨමාලාවල ඉගැන්විය යුතුය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *