බස් එකකට යටවෙල මනුස්සයෙක් මැරිලා…! සරත් වීරසේකර වහා ඉල්ලා අස්වනු…! – වැලිගම නගරාධිපති….

June 5, 2021 at 10:24 pm | by emanisa.lk

වැලිගම ප්‍රදේශයේ රිය අනතුරකින් මිය ගිය වරාය සේවකයාගේ මරණයේ වගකීම භාරගෙන ඇමැති සරත් වීරසේකර සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව වැලිගම නගර සභාවේ සභාපති, සමගි ජන බලවේගයේ රෙහාන් ජයවික්‍රම පවසයි.

මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම නිසා නිරෝධායනයට ලක්කර තිබුණ ද රු. 10 000 ආහාර මල්ල ඔහුට නොලැබී ඇති බව ද ඔහු පවසයි.

මේ නිසා ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමට නගරයට පැමිණි අවස්ථාවේ පොලිසිය පහර දී ඇති බවටත් ඊට පසු බසයකට යට වී මිය ගොස් ඇති බවටත් රෙහාන් ජයවික්‍රම චෝදනා කරයි.

එම පවුලට කිසිවෙකු ආධාර කර නොමැති බවත් තමා සමාජ මාධ්‍ය ඔස්සේ රු. ලක්ෂ 03ක් එකතු කර ලබා දුන් බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

මෙවැනි මරණයක් සිදු වූයේ දියුණු රටක නම් ඇමැතිවරයා මේ වන විටත් ඉල්ලා අස් වී අවසන් බවත් රෙහාන් ජයවික්‍රම ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස