බස්වල වැඩිපුර පැටෙව්වොත් ගමන් බලපත් අහෝසි කරනවා…! – දිළුම් අමුණුගම….

August 8, 2021 at 9:11 pm | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පොදු ප්‍රවාහන සේවා පවත්වා ගෙන යාමට අදාලව නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් මගී බස් ධාවනය යළිත් වරක් අත්හිටුවීමට සිදුවන බවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම අනතුරු අඟවයි.

‍වසංගත තත්ත්වය හමුවේ ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහන කිරීමට නිර්දේශ කර ඇති අතර කෙසේ නමුත් බස්රථ සේවකයන් බහුතරයක් එම නීතිය අනුගමනය නොකරන බව අමාත්‍යවරයා පවසයි. මෙම තත්ත්වය මත වසංගතය වර්ධනය වීම සඳහා පොදු ප්‍රවාහන සේවා හේතුවක් වී ඇති බව ද ඇමැතිවරයා පවසයි.

බස් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ආසන ගණනට වඩා මගීන් රැගෙන යාමට කිසිදු අයිතියක් නොමැති බවත්, එම නීතිය උල්ලංඝනය කරන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කරයි. රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම හෙට දිනයේ සිට යළිත් සීමා කරන බැවින් මගී තදබදයක් ඇති නොවන බවත්, ඒ අනුව ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාම නිවැරදිව ක්‍රියාත්මක කළ හැකි බවත් ඇමැති අමුණුගම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *