බස්නාහිර හිර වුණු ලක්ෂ දෙකහමාරකට ගෙදර යන්න අවසර!

April 24, 2020 at 10:12 am | by emanisa.lk

ඇඳිිරි නීතිය නිසා සිය නිවෙස්වලට යාමට නොහැකි බස්නාහිර පළාතේ රැඳී සිටින දෙලක්ෂ පනස් දහසක් පමණ වන පිට පළාත් පදිංචිකරුවන්ට සිය ගම්බිම් බලා යාමට අවසර දීමට කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (23) තීරණය කළේය.

මේ අතරින් හතළිස් හත්දහසක් පමණ ම කොළඹ හා තදාසන්නව රැඳී සිටිති.

ඇඳිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා ඔවුන්ට බස්නාහිර පළාතේ රැඳී සිටීමට සිදුවීම පිළිබඳ සලකා බලා ඉහත තීරණය ගෙන තිබේ.

මෙම පිරිසට සිය ගම්බිම් බලා යාම සඳහා විශේෂ අවසරයක් ලබාදීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස