බස්නාහිර සාර්ථක ලෙස කොවිඩ් පාලනය කළා…..! කොළඹ 50%කට එන්නත් ලබා දී අවසන්….!

July 1, 2021 at 3:59 pm | by emanisa.lk

බස්නාහිර පළාතේ කොරෝනා පැතිරීම සතුටුදායක ලෙස පාලනය වී ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් පවසයි.

ජනතාව සෞඛ්‍ය නීති දිගට ම නිසියාකාරව පිළිපදිමින් නිවැරැදිව කටයුතු කළහොත් කොරෝනා පැතිරීම තව දුරටත් අවම කරගත හැකි වනු ඇතැයිද ඇය සඳහන් කළාය.

කොවිඩ් තෙවැනි රැල්ල ආරම්භ වීමත් සමග බස්නාහිර පළාතේ ආසාදිතයන් දිනකට 1600 -1700 මට්ටමින් වාර්තා වූ නමුත් මේ වනවිට එම අගය 1000ක් දක්වා පහත බැස ඇතැයි පැවසූ ධම්මිකා ජයලත් කොරෝනා මරණ සංඛ්‍යාව ද අඩු වී ඇති බව කීවාය.

මේ අතර බස්නාහිර පළාතේ එන්නත්කරණ වැඩපිළිවෙළද වේගවත් කර ඇති බවත් පළාතේ ලක්ෂක පමණ පිරිසක් ඊයේ (30) දිනයේ දී එන්නත්කරණයට ලක් කළ බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පැවසුවාය.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ සියයට පනහකට ද ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 40ට ද කළුතර දිස්ත්‍රික්කයේ සියයට 30ටද කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බවත් එය ඉතා ඉහළ ප්‍රතිශතයක් බවත් ධම්මිකා ජයලත් මහත්මිය සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *