බස්නාහිර පළාතේ කොරෝනා වසංගතය පාලනය කළා! – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

May 2, 2020 at 9:49 am | by emanisa.lk

බස්නාහිර පළාත තුළ කොරෝනා තත්ත්වය යම් මට්ටමකට පාලනයට යටත් කොට තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විට අවදානම් කණ්ඩායම් තෝරා ගනිමින් පි.සි.ආර් පරික්ෂණ සිදු කරන බවත් එහෙත් තත්ත්වයක තවමත් 100% ක් පාලනය කොට නොමැති බවත් ඔහු සදහන් කරයි.

මැයි 4 වනදා රට යථා තත්ත්වයට පත් කළ හැකි විම හෝ නෝවිම පිළිබඳව දැනට අනාවැකි පලකළ නොහැකි බවත් කෙසේ වෙතත් වෙසක් සමය දක්වාම මෙම අධික සුපරික්ෂාව පවත්වාගෙන යාමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

30 දිනයේ පමණක් පි.සි.ආර් පරික්ෂණ 1397 සිදු කර ඇති බවත් පරික්ෂණවලට සාපෙක්ෂව රෝග ආසාදිතයින් හමු වන්නේ සුළු වශයෙන් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම රෝගය පාලනයට බලපාන ප්‍රධාන හේතුව වන්නේ මහජනතාව විසින් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීම බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස