බස්නාහිර කොවිඩ් මර්දන නීති තවත් දැඩි වෙයි….! සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති බවට පත් කරයි…!

August 14, 2021 at 10:16 am | by emanisa.lk

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සියලු සෞඛ්‍ය මාර්ගෝපදේෂ නීතියක් බවට පත් කරමින් ලබන සඳුදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී දැන් පැවැත්වෙන හමුවක දී සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බස්නාහිර පලාතේ පවතින සීමා දැඩි කරමින් තවත් මාර්ගෝපදේෂ මාලාවක් නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ද ඇය මෙහි දී සඳහන් කර සිටියා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *