ඇමති වසන්ත සමරසිංහගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සහායකවරියගේ ස්විසර්ලන්ත ගමන පිළිබඳ හෙළි කිරීමෙන් තමන් ලබන ආත්මයටත් බලපෑ හැකි මහා පවක් කරගත් බව පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් අමරසූරිය පවසයි.
“මට දැන් හරිම වේදනාවයි. ලස්සන ළමයෙක්. මම හිතුවේ නැති ළමයෙක්නේ රට යන එක නැවැත්තුවේ. මම ලොකුම පාප කර්මේ මේ ආත්මෙට විතරක් නෙමෙයි, ඊළඟ ආත්මෙටත් බලපානවා. මම ඊර්ෂ්යාවට කළ දෙයක් නෙමෙයි, ගෑණු ළමයාගේ පින්තූරේ දැක්කේ පස්සේ. ඊට පස්සේ තමයි මට දුක. මං අපේ නෝනාටත් කිව්වා. කොල්ලෝ, චාමර උඹට ඊළඟ ආත්මේ චීත්ත කෑල්ලක්වත් හම්බවෙන්නේ නෑ කියලා කමෙන්ට් කරලා තිබුණා. උඹට හෙණ ගහනවා, උඹ බලු පූට්ටුවලට ගල් ගහනවා, ඊළඟ ආත්මෙත් තඩියෙක්ම වෙලා ඉපදියං කියලත් කමෙන්ට් කරලා. ආණ්ඩුවේ අයටත් ආතල් එකක් ගන්න ඉඩ දෙන්න ඕන. හැබැයි ස්විස් ගිහිල්ලා අයිස් කඳු දිහා බලාන ආතල් ගන්න දෙන්න බෑ. මොකද ඒගොල්ලා කලින් කීවේ ඔහොම නෙමෙයි නෙ. අපි වැල්පැළ එයාලා මල් පැල කීවානෙ. දැන් ඒ මල් පැල කිඩාරම් මල් වෙලා ගඳ ගහනවා. වල් පැළ බෙහෙත් පැළවෙලා වැඩේ නැගලා යනවා.”
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.