බලු නැට්ටෙන් බල්ලන් නටවන්න තවත් ඉඩදෙන්න බෑ…! මහ පරිමාණ සහල් ව්‍යාපාරිකයින්ගේ තර්ජනවලට බය නෑ…! – එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල

September 9, 2021 at 12:42 pm | by emanisa.lk

මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් දිගින් දිගට ම ආණ්ඩුවට අභියෝග කළ හොත් දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල පවසයි.

අද (9) පෙරවරුවේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේ බව පැවසීය.

පොළොන්නරුවේ නම ගිය සහල් ව්‍යාපාරිකයන් කිහිප පදෙනා ශ්‍රී ලංකාවේ සහල් ඉල්ලුමෙන් සියයට 16 ක් වැනි සුළු ප්‍රමාණයක් සපයන අතර ඉන් වැඩි සහල් ප්‍රමාණයක් සම්බා සහ කීරි සම්බා සහල් බව පැවසූ මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල සහල් සැපයුමේ ඉතිරි සියයට 84 පිළිබඳව රජය දැඩි විශ්වාසයෙන් කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.

සහල් සැපයුමේ ප්‍රශ්නයක් පසුගිය දින කීපයේ පැවතිය ද සතොසට සහල් ලැබීමත් සමඟ මේ වන විට එවැනි ප්‍රශ්නයක් නොමැති බව කී විශ්‍රාමික මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහා පරිමාණ ව්‍යාපාරිකයන් ජනතාව බියගැන්වීමේ ප්‍රචාරයක් ගෙන යන බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස