බලාපොරොත්තු තියන්න පුළුවන් දෙන්නෙක් ගැන විතරයි.. මුල් තැන ඉන්නේ දිලිත්…! – පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි

August 14, 2024 at 9:58 am | by emanisa.lk

දැනට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයන් අතර බලාපොරොත්තු තබාගත හැකි නායකයෙකු ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මුල්තැන සිටින බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති, ආචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි පවසයි.

පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි ඒ බව සඳහන් කළේ, දිලිත් ජයවීර මහතා ඊයේ (12) පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරතවූ අවස්ථාවේදීය.

“අවංකවම කියන්න ඕනේ… දැනට අපිට බලාපොරොත්තු තියන්න පුළුවන් දෙදෙනෙකුට වැඩිය නැහැ. එහෙම කතා කරන කොට ඔබතුමා තමයි මුලටම එන්නේ. මේ තත්ත්වයෙන් රට ගොඩගන්න හැකියාවක් තියෙන කෙනෙක් හැටියට මම සලකනවා.

ඔබතුමාට මේ රටේ වර්තමාන ප්‍රශ්න සහ ඒවාට බලපෑ හේතු පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ වගේම අපේ රට ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය ඉදිරි දැක්මක් තියෙන කෙනෙක් හැටියට අපි පිළිගන්නවා. බොහොම සතුටුයි. ඔබතුමාට අනාගතයේදී මේ රටේ යහපත සඳහා විශාල සේවාවක් කරන්නට හැකියාව ශක්තිය ලැබෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *