තව මාස දෙකකින් පමණ රට තවත් පහළට ඇද වැටෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ඊට වඩා පහළට තවත් වැටිය නොහැකි බවත් දවසට වේලක් දෙකක් කා බී ජීවත් වීමට සිදුවනු ඇති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
ඇමැති අමරවීර පෙන්වා දෙන්නේ, කොරියාව, ජපානය, චීනය ආදී රටවල ජනතාව බල්ලන් සහ සර්පයන් මරා ගෙන කන තැනට වැටුණේ එවැනි ආර්ථික අර්බුදවල දී බවයි.
එම අර්බුදයෙන් ගොඩ එන්නට නම් කොමිස් ගැසීම, පගා ගැසීම, වංචා කිරීම නතර කර ජනතාව ධෛර්ය සම්පන්න වන ආකාරයට දේශපාලකයින් සහ නිලධාරීන් කටයුතු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.