මම බල්ලා මැරුණාම සීට් එක බදා ගෙන ඇඬුවා! අද දේශපාලනය තිරශ්චීනයි!

March 5, 2019 at 7:38 am | by admin

තමන්ගේ නිවසේ අවුරුදු 15ක් සිටි බල්ලා මැරුණු බව බිරිඳ දුරකතනයෙන් පැවසූ විට වාහනයේ සිට් එක බදාගෙන තමා හැඬූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවිර දිසානායක පවසයි.

ඔහු මේ අදහස් දැක්වූයේ සිය දේශපාලන ජීවිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් විමලවිර දිසානායක පදනම සංවිධානය කළ උත්සවයක් අමතමිනි.

සභාවේ සිටින කිසිවකුට වඩා තමන්ට මුදල් තිබුණු බව ද එහෙත් නිවසක් හෝ වැසිකිළියක් තමාට සදා නොගත් බව පැවසූ මන්ත්‍රීවරයා උදෑසන කට සේදීමට යන විට සින්ක් එකේ කූඹි සිටිනු දැක එළියට කට සෝදා දැමූ බවත් එසේ කළ කිසිවකු තව සිටී දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

එවැනි මිනිසකු වන තමන් පරාජය කිරීමට අද සැලසුම් කරන බවත් ඒ තමාට වඩා යහපත් මිනිසකු තැනීමට නම් තමා ඔවුන්ට ආචාර කරන බව ද පවසයි. වර්තමාන දේශපාලන තිරස්චීන දෙයක් බවට පත්ව ඇතැයි ද තමාට ඒ පිළිබඳ ඇත්තේ කලකිරීමක් බව ද හෙතෙම පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස