ගාල්ල, අක්මීමන මානවිල උපනන්ද කනිෂ්ඨ විද්‍යාලයට දරුවෙකුගේ පියෙකු පාසලට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සාහ කිරීමේදී වෙඩි තැබූ පාසලේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබලා වරදක් සිදුකර නොමැති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය පිළිබදව මේ වන විට විවිධ තොරතුරු පැතිර යමින් පවතින අතර ඒ පිළිබදව තවදුරටත් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
දැනට මේ පිළිබදව පොලීසිය සහ යුද හමුදාව වෙන වෙනම පරීක්ෂණ සිදුකරමින් පවතින අතර අත්අඩංගුවට ගත් සැකකාර සෙබලා බූස්ස යුද හමුදා කඳවුර භාරයේ රදවා සිටින බවයි වාරතා වෙයි.
මානවිල උපනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන තම දරුවා අසනීප වී ඇති බව කියමින් ඔහු පාසලට ඇතුළු වීමට ගිය මොහොතේ මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ කළුතොටගේ උදය ප‍්‍රදීප් කුමාර (39) නමැති තිදරු පියෙකි. ඔහු කලක් නාවික හමුදාවේ ද සේවයේ නියුතුව සිටි අයෙකු බවද සඳහන්ය.