පසුගිය මාස 3ක කාලය තුළ රටේ විවිධ පළාත්වල ගෑස්, ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ඉල්ලා උද්ඝෝෂණ 3516 ක් සිදුවූ බව පොලිස් වාර්තා පෙන්වා දෙයි.
පසුගිය මාර්තු මස 7දා සිට ජුනි මස 08 දක්වා ගතවූ මාස තුනේ දිවයින පුරා ගෑස් වෙනුවෙන් කළ උද්ඝෝෂණ සංඛ්‍යාව 1185 කි.
පෙට්‍රල් ඉල්ලා උද්ඝෝෂණ 1173ක්ද ඩීසල් ඉල්ලා උද්ඝෝෂණ 1005ක්ද භූමිතෙල් ඉල්ලා උද්ඝෝෂණ 153ක්ද එම කාලය තුළ වාර්තා වෙයි.
මෙයින් වැඩිම උද්ඝෝෂණ සිදුවූ කාල වකවානුව වන්නේ මැයි මස 02 සිට මැයි මස 08 දායින් අවසන් වූ සතියයි. එම සතිය තුළ රටපුරා මෙකී උද්ඝෝෂණ 1111 ක් සිදුවූ බව එම පොලිස් වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.