බලලෝභී සිරිසේන නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතුයි…! ශ්‍රීලනිපය ප්‍රතිපත්තිගරුක තරුණයින්ට භාරදිය යුතුයි…! – චන්ද්‍රිකා…

September 23, 2021 at 12:57 pm | by emanisa.lk

බලලෝභී නායකයන්ට වැදගත්කමක් තියෙනවා නම් තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වී දූෂ්‍ය නොවූ පක්ෂයට ඇත්තට ම ආදරය කරන ප්‍රතිපත්තිගරුක තරුණ පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර දිය යුතු යැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

බලලෝභී, අදූරදර්ශි නායකයන්ට කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනගන්න නොහැකි බව පවසන හිටපු ජනාධිපතිනිය, එවැනි අය සමග කටයුතු කර තම වෙලාව නාස්ති කරන්න සූදානම් නැති බවද පවසන්නීය.

තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙසේද කියන්නීය.

මාධ්‍යවේදියෙක් පසුගිය දිනෙක මගෙන් ප්‍රශ්නයක් අසා තිබුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් ඔබතුමියට පක්ෂයට නැවත ආරාධනා කිරීමට සූදානම් බවක් ආරංචි වී තිබෙනවා. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්දැයි එම මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයයි.

“අපේ පක්ෂ නායකයෝ එදා පොහොට්ටුව සමග එකතු වුණේ තනිකරම බල තන්හාව නිසා. ඔවුන්ට පක්ෂය ගැන ආදරයක් නැහැ. දූරදර්ශීභාවයකුත් නැහැ. තනිකරම බල පෙරේතකම විතරයි තිබෙන්නේ.

මේ රජය කරන සෑම වැරදි ක්‍රියාවකටම මේ අයත් කොටස්කාරයෝ. මොවුන්ට එයින් ගැලවෙන්න බැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *