බලලේභි ශ්‍රීලනිප නායකයා එපා වුණා! කුරුණෑගල ශ්‍රීලනිප සංවිධායක ඇතුළු රොත්තක් එජාපයට!

April 7, 2019 at 7:36 am | by admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක ඒ.ඒ. ලතීෆ් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එකතු වී තිබේ.

ශ්‍රීලනිප නායකත්වය පාක්ෂිකයන්ගේ අරමුණු පසෙක ලා බලලෝභීත්වයෙන් ක්‍රියා කරන බවත් මේ නිසා පාක්ෂිකයන් දැඩි ලෙස කලකිරී සිටින බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

එජපාය රට ගොඩනැඟීමට ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රීලනිපය බාධා කරන බවට ද හිටපු සංවිධායකරයා චෝදනා කර තිබේ.

මෙලෙස එජාපයට එක් වූ පිරිස අතර දොඩම්ගස්ලන්ද ආසනය සඳහා පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කළ අපේක්ෂකයන් 22ක් ද වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස