මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී. අතුළුවගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ, ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමිනි.
ඔහු එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ, මාර්ග සංවර්ධන අධිකාරියේ කටයුතුවලට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සිදු කරන අත්තනෝමතික බලපෑම්වලට යටත්ව සේවය කිරීමට ඇති අකමැත්ත හේතුවෙන් තමා ඉල්ලා අස්වන බවයි.
සී.පී. අතුළුවගේ මහතා, සිය ඉල්ලා අස්වීමේ ලිපියේ පිටපත්, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයාට සහ ජාතික විගණන කාර්යාලයට ද යොමු කර ඇත.