බලධාරීන් මර නින්දේ! ගස්වැද්දෝ වැඩහිටි කන්ද රක්ෂිතය වනසති! කඳු පන්තිය නාය යාමේ අවදානමේ!

June 4, 2020 at 11:06 am | by emanisa.lk

ජාවාරම්කාරයින් පිරිසක් කතරගම වැඩසිටිකන්ද රක්ෂිතයේ මහා පරිමාණයෙන් ගස් කපා දමන බවට ගම්වාසීහු චෝදනා කරති.

කතරගම වැඩසිටිකන්ද වටකරගෙන ඇති බහිරව කන්ද ඇතුළු අවට කඳුපංතියේ ඇති වීර, පලු, බුරුත, කළුවර වැනි වටිනා ගස් මෙලෙස කපා දමන බව පෙරගිරිගම් වාසීහු පවසති.

කතරගම ප්‍රදේශයේම ජාවාරම්කරුවන් පිරිසක් මෙම ක්‍රියා සිදු කරන බව පවසන ගම් වැසියන් පෙන්වා දෙන්නේ සවස හයෙන් පසු ජංගම ගස් කපන යන්ත්‍ර උපයෝගී කරගෙන කන්දේ ඇති මහ ගස් කපා බිම හෙළා රාත්‍රියේදීම ගස් කුට්ටිකර ට්‍රැක්ටර්වලින් රැගෙන යන බවය.

119 අංකය අමතා මේ පිළිබඳ නිතර පැමිණිලි කළ ද මෙම ජාවාරම නතර කිරීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.

පෙරගිරිගම තුන් බෝධිය අසල ජනයා පවසනුයේ මෙම කන්දේ ඇති ගස් කපා දැමීම නිසා කන්ද නාය යෑමේ අවදානමක් පවතින බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස