කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ යයි! බරපතළ නොවන රෝගීන් රෝහල්ගත නොකිරීමට අවධානය….

October 25, 2020 at 6:30 pm | by emanisa.lk

මෙ රටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සියලු දෙනා රෝහල්ගත කළ යුතු ද යන්න අධ්‍යයනයක් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

බරපතළ රෝගීන පමණක් රෝහල්ගත කර සුළු රෝග ලක්සණ සහිත කණ්ඩායම් නිරෝධායනයට යොමු කළ යුත්තේ ද යන කරුණු සම්බන්ධයෙන් නැවත සලකා බලන බව එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ සඳහන් කරයි.

රටේ රෝහල්වල සම්පත් ප්‍රමාණය අඩු වීමත් රෝගීන් ප්‍රමාණය වේගයෙන් ඉහළ යාමත් සලකා බලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම තීන්දුවට එළඹ තිබේ.

කෙසේ වුවද රටේ ජනතාව මේ අවස්ථාවේ සිය වගකීම ඉටු නො කළ හොත් ඉදිරියේ දී රටේ කොරෝනා ආසාදනය වේගයෙන් ව්‍යාප්ත විය හැකි බවත් මරණ ප්‍රමාණය ඉහළ යා හැකි බවත් ඔහු අවධාරණය කළේ ය.

නෙත් ගුවන්විදුලිය සමග පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස