බන්ධනාගාර CCTV දර්ශන මැකීමේ උත්සාහයක්…! ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට….?

September 16, 2021 at 10:14 am | by emanisa.lk

අනුරාධපුර බන්ධනාගාරයේ CCTV දර්ශන මකා දැමීමේ දැඩි උත්සාහයක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කියයි.

බීමතින් බන්ධනාගාරයට ඇතුළු වන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිරකරුවන්ට පීඬා කරන විට නිලධාරීන් සිය රාජකාරීය පැහැර හැර ඇති බවට ද එහි සභාපති නීතීඥ සේනක පෙරේරා චෝදනා කරයි.

ඇමැතිවරයාගේ හැසිරීමට බන්ධනාගාර නිලධාරීන් ද අනුබල දී ඇති බවත් එහෙයින් මේ සිද්ධිය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වා ගිනි අවි රැගෙන බන්ධනාගාරයට යාමේ වරදට ඇමැතිවරයා අත්අඩංගුවට ගතයුතු බවත් ඔහු අවධාරණය කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *