බන්ධනාගාර විනය රකින්න අගනා තීන්දුවක්…! විනය කඩන කිසිවෙකුට පොදු සමාවක් නෑ…!

June 28, 2021 at 7:56 am | by emanisa.lk

බන්ධනාගාරවල වහලවල් මත නැගී උද්ඝෝෂණය කරන, බන්ධනාගාර ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් හැසිරෙන කිසි ම රැඳවියෙකු ඉදිරියේ දී පොදු සමාව සඳහා නිර්දේශ නොකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරියේ දී වහලවල් උඩ නැගී උද්ඝෝෂණ කරන, බන්ධනාගාර දේපළවලට හානි කරන කිසිම රැඳවියෙකුට සමාව නොලැබෙනු ඇත.

එසේ ම බන්ධනාගාර ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස හැසිරෙන කිසිම රැඳවියකු ඉදිරියේදී සමාව සඳහා නිර්දේශයක් නොකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *