බන්ධනාගාර ලොක්කා සහ ප්‍රධාන ජේලර් මඟුල් ගෙදරක ගුටිබැට හුවමාරුවක….!

March 11, 2021 at 10:53 am | by emanisa.lk

දකුණු පළාතේ බන්ධනාගාර අධිකාරිවරයකු සහ ප්‍රධාන ජේලර්වරයා බමන මතින් ආරවුලක පැටලී ගුටිබැට හුවමාරු කරගෙන තිබේ.

ඔවුන් මෙලෙස එකිනෙකාට පහරදී ඇත්තේ ගාල්ල ප්‍රදේශයේම බන්ධනාගාර නිලධාරියකුගේ විවාහ උත්සවයකට සහභාගිවී සිටින අතරතුරදීය.

මීට පෙරද කිහිප විටක් විවාහ මංගල උත්සවවලට සහභාගි වූ මොවුන් එහි දී ද ආරවුල් ඇති කරගෙන ඇති බව වාර්තා වෙයි.

මනාල යුවළ මෙම නිලධාරීන් දෙදෙනා ඉදිරියේ වැඳවැටීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් නික්ම ගොස් තිබේ. මෙම සිද්ධියෙන් කලකිරීමට පත් මනාල නිලධාරියා පැවසුවේ ගරු කිරීමක් ලෙස මොවුන්ට ආරාධනා කළත් මුළු බන්ධනාගාර පද්ධතියේම නම මේ සිද්ධිය නිසා කැත වූ බවත්, තමාටත් ගමේ ඉන්න නැති තත්ත්වයක් උදාවූ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *