බන්ධනාගාර ගැටුමට හේතුව කොරෝනා පාලන නීති! ඇතුළට කුඩු නොලැබීම ගැටුමට මුලයි!

March 22, 2020 at 9:38 am | by emanisa.lk

ඊයේ (21) අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් නොසන්සුන් වී ගැටුමක් ඇති කර ගැනීමට හේතු වී ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට හඳුන්වා දුන් නව නීති බව වාර්තා වෙයි.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිරකරුවන් බැලීමට පවුලේ ඥාතීන්ට ඉඩ නොදීමට ගත් තීන්දුව මෙම ගැටුමට මුල් වූ බවය.

බන්ධනාගාරයට රැඳවියන් බැලීමට පැමිණීම ඥාතීන්ට තහනම් කිරීම සමග රැඳවියන්ට හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ගලා යන මාර්ගය අවහිර වීම මෙම ගැටුමට මුල් වූ බව වැඩි දුරටත් අනාවරණය වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස