බදූර්දීන් හලීම් කිරිඇල්ල වෙනුවට පියල් නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි!

May 6, 2019 at 12:14 pm | by admin

කල්මුණේ සයින්මරදු ප්‍රදේශයේ මෙහෙයුම අතරතුර හමුදා නිලධාරීන් පිරිසක් මිය ගිය බවට අසත්‍ය ප්‍රකාශයක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීි පියල් නිශාන්ත ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර කළ පැමිණිල්ලක් අනුවය.

කෙසේ වුවද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් හෝ විදෙස් මාධ්‍ය වෙත බොරු ප්‍රකාශ නිකුත් කළ නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා හෝ සැකකරුවන් සොයන මෙහෙයුම්වලට බාධා කළ අමාත්‍ය අබ්දුල් හලීම් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට කැඳවීමට මෙතෙක් කටයුතු කර නැත. එසේම ජනාධිපතිවරයාට එරෙහිව ආගම්වාදය සහ ජාතිවාදය අවුළන ලිපියක් බෙදා හැරීමට උත්සාහ කළ ඇමති කිරිඇල්ලගෙන් ද මෙතෙක් ප්‍රශ්න කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස