බදූර්දීන් විරෝධීන්ට ආණ්ඩුවෙන් කනේ පහරක්! අගමැති සිය ඇමති ධුරයක් බදූර්දීන්ට පුදයි!

March 21, 2019 at 9:02 am | by admin

ඇමැති රිෂාඩ් බදූර්දීන්ට ඔහු දැනට දරන අමාත්‍යංශ විෂයන්ට අමතරව මෙතෙක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණූ හා නිපුණතා සංවර්ධන යන විෂය ද ලබාදී තිබේ.

ඒ අනුව රිෂාඩ් බදූර්දීන්ගේ නව අමාත්‍යංශය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නමින් නම්කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අයත් අමාත්‍යංශයෙන් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන යන විෂයන් ඉවත් කළ පසුව ඔහුගේ නව අමාත්‍යංශය ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු ලෙස නම් කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඇමැති රිෂාඩ් බදූර්දීන් කලින් දැරූ අමාත්‍යංශවලින් ඉකුත් 18 වැනි දා ඉල්ලා අස්වී එදිනම නව අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

කෙසේ වෙතත් විල්පත්තු වන සංහාරය, පුල්මුඩේ ඛණිජ වැලි නිධිය ඇතුලු චෝදනා රැසක් සම්බන්ධව අමාත්‍යවරයාට සමාජ මාධ්‍ය හරහා දැඩි විරෝධයක් එල්ල වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *