බදියුදීන් 20ට එරෙහි වෙද්දි ගෝළයෝ 3 දෙනා අත ඉස්සුවා…! මේ අමුතු ඩීල් එක ගැන හොයන්න ඕන….! – කාදිනල්තුමා….

April 20, 2021 at 10:51 am | by emanisa.lk

වත්මන් රජය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ ඡන්දය ලබාගත් අමුතුම ක්‍රමවේදය ඉතාම සැක සහිත බැවින් ඒ පිළිබඳවත් සෙවිය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසති.

“20 වෙනි සංශෝධනයට ඡන්දය ලබාදීමේදී යම් ආකාරයක අමුතු ජාතියක ඡන්දය ප්‍රකාශ කිරීමක් සිදුවුණා. ඒකට මොකද්ද හේතුව කියලා අපි හොයන්න ඕනෙ. ඇයි එක පක්ෂයක නායකයෙක් එක විදියකට ඡන්දය දාලා ඒ පක්ෂයේ සාමාජිකයො තුන් දෙනෙක් අනිත් විදියට දැම්මෙ කියලා.

එතකොට මොකද්ද ඒකට රහස, මොකද්ද ඒවා හොයන්න ඕනෙ. එතකොට අනිත් එක මේ 20 වෙනි සංශෝධනය සම්මත කරගන්න දාන්නෙ යම් ආකාරයක මුස්ලිම් ඡන්ද මට ඕනෙ නැහැයි කියාපු කෙනෙක් සම්බන්ධව.

කොහොමද එතකොට ඒ වෙනස ඇතිවෙන්නෙ? එතකොට අපට සාධාරණ සැකයක් ඇතිවෙනවා මේ තුළ යම් ආකාරයක ඩීල් එකක් තියෙනවා කියලා.”

මැල්කම් රංජිත් කාදිනල් හිමියන් මේ බව පැවසුවේ ඊයේ (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස