බදියුදීන් ළඟදිම ආණ්ඩුවට…? බදියුදීන් ගත්තොත් මං ආණ්ඩුවෙන් යනවා…! – රාජ්‍ය ඇමැති…

July 31, 2021 at 4:05 pm | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ආණ්ඩුවට එක් වුවහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර අනතුරු අඟවයි.

වත්මන් ආණ්ඩුවට කිසිසේත්ම එවන් පුද්ගලයන් එක් කර ගැනීමට අවශ්‍ය නැති බවත් ජනාධිපතිතුමන් අගමැතිතුමන් කිසිසේත්ම ඔහු ආණ්ඩුවට එක් කර නොගනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.

බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මියගිය බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු කියා සිටියේය.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව නිරීක්ෂණය චාරිකාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස