බදියුදීන් මුස්ලිම් ජනතාවටත් එපා වෙයි! ජනහමුවට පැමිණි බදියුදීන් ගල් ගසා පන්නයි!

July 24, 2020 at 11:16 am | by emanisa.lk

සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් ගමන් ගත් වාහන පෙළකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

සමගි ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කරන ඔහුගේ පක්‍ෂයේ අපේක්ෂකයකුගේ සහයෝගයට පැවති ජනහමුවකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇත. එම ප්‍රහාරයෙන් වාහන 3 කට හානි සිදුවී තිබේ.

ඇතිව තිබූ කලබලකාරී තත්වය හේතුවෙන් ජනහමුවට සහභාගී වීමට පැමිණි රිෂාඩ් බදියුදීන් ආපසු හැරී ගොස් ඇත. එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ තෙලියාගොඩ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව විසින් බව ද වාර්තා වේ.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාර කටයුතු විශාල ලෙස පහත වැටුණු බවත් ඊට බදුර්දීන් හිටපු ඇමතිවරයාගේ ක්‍රියාකාරකම් බලපා ඇති බවත් පවසමින් ඔහුට එරෙහි පිරිසක් විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස