බදියුදීන් නිර්දෝෂයි…! ඔහුට නඟන චෝදනා ශාෆිගේ වඳ නාටකේ වගේ තමයි….! මේක බදියුදීන් දේශපාලනයෙන් අතුගා දමන කුමන්ත්‍රණයක්…!

August 1, 2021 at 6:30 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට බාල වයස්කාර දැරියක් දූෂණය කර මරා දැමූ බවට එල්ල වන චෝදනා වෛද්‍ය ශාෆිගේ වඳ නාටකය වැනි බව බදියුදීන්ගේ නීතීඥ රුෂ්ඩි හබීබ් පවසයි.

මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ සිදුකරන සියලු ප්‍රකාශ අතිශයෝක්තියෙන් සිදුකරන අසත්‍ය ප්‍රචාර බව ද ඔහු අවධාරණය කරයි.

දැරිය රෝහල්ගත කළ අවස්ථාවේ ම ඒ පිළිබඳ පරීක්ෂණ පොලිසිය සිදුකළ ද දැරිය මිය ගොස් දවස් දෙකකින් පමණ මෙම සිදුවීම දේශපාලන මැදිහත්වීමක් මත වෙනත් අතකට යොමු වූ බව ද හෙතෙම හෙළි කරයි.

මෙම ව්‍යාපෘතියේ අරමුණ රිෂාඩ් බදියුදීන් දේශපාලනයෙන් අතුගා දැමීම බවට ද නීතීඥ රුෂ්ඩි හබීබ් චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස