බදියුදීන් අත්අඩංගුවට ගත් අය අපේ ආණ්ඩුව යටතේ හිරේ යන්න ලේස්ති වෙන්න….! – කිරිඇල්ල…

August 5, 2021 at 7:38 am | by emanisa.lk

අවුරුදු 20ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ රිෂාඩ් බදියුදීන්ට අවාසනාවන්ත තත්ත්වයක් උදා වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ බව සඳහන් කළේ ය.

ඔහු දින 100කට වඩා රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා ගෙන සිටින බවත් කතානායකවරයාට නොදන්වා මෙලෙස රැඳවුම්භාරයේ තබා ගැනීම මන්ත්‍රී වරප්‍රසාද කඩකිරීමක් බවත් කිරිඇල්ල අවධාරණය කරයි.

මෙය විපක්ෂයට පමණක් නොව ආණ්ඩු පක්ෂයට ද බලපාන බවත් ඊළඟ ආණ්ඩුවක් යටතේ තමන්ට ද රැඳවුම් නියෝග යටතේ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගතහැකි බවත් ඔහු සඳහන් කළේ ය.

එහි දී කතානායකවරයා සඳහන් කළේ රිෂාඩ් බදියුදීන් රඳවා තබා ගැනීම පිළිබඳ තමන් දැනුම්වත් කර ඇති බව ය. ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රශ්න කළේ යහපාලන සමයේ තම මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගත්තේ කතානායකවරයා දැනුම්වත් කර ද යන්න ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *