බදියුදීන් ජේසුතුමා වගේ…! සජිත් බදියුදීන් පාව දුන්නා…..! – රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත…

July 30, 2021 at 2:06 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ද ජේසු ස්වාමි දරුවාණන් මෙන් මහා පාවාදීමකට ලක්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

රිෂාඩ් සිය අමාත්‍යංශයේ මුදල් යොදා ගෙන ලංගම බස් 250ක් යොදවා පුත්තලමේ සිට මන්නාරමට ජනතාව ප්‍රවාහනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීමට විශාල ඡන්ද මංකොල්ලයක පවා නිරත වූ බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

එහෙත් ඔහු අමාත්‍ය ධූරය අහිමිව සිරගත වූ පසු දැන් තමා රිෂාඩ් බදියුදීන් නාඳුනන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ යැයි සනත් නිශාන්ත සඳහන් කරයි.

ජේසු ස්වාමි දරුවාණන් ද මේ ආකාරයට ම තම ගෝළයින් විසින් පාවා දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා සහිපත් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *