බදියුදීන්ට දුරකතනය දුන් ⁣ජේලර් අල්ලයි…!

September 4, 2021 at 6:02 am | by emanisa.lk

රිමාන්ඩ් බන්ධනාගාර ගතව කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ට ජංගම දුරකථනයක් ලබාදීමට  කටයුතු කළ පුද්ගලයා හදුනාගෙන තිබේ.

බුද්ධි අංශ වෙත ලද තොරතුරු අනුව ඔහු මැගසින් බන්ධනාගාරයේ සේවය කරන ජේලර්වරයෙකි.

මේ වන විට අදාළ සිදුවීම සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කර තිබේ. විනය පරීක්ෂණයකට යටත්ව වහාම ක්‍රියාත්මකවන පරිදි අදාල ජේලර්වරයා වව්නියාව බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කිරීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *