බදියුදීන්ගේ පක්ෂෙ මන්ත්‍රීට රාජ්‍ය ඇමැතිකමක්….!

July 19, 2021 at 8:39 am | by emanisa.lk

මුස්ලිම් ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සබ්‍රි රහීම්ට රාජ්‍ය ඇමැති ධූරයක් ලැබීමට නියමිත බව වාර්තා වෙයි. එම පක්ෂයේ නායකයා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ය.

20 වන සංශෝධනයට පක්ෂව තමන් ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාවේ ඇමැති තනතුරු සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති තනතුරු ලබා දෙන බවට ආණ්ඩුව පොරොන්දු වූ බව අලී සබ්‍රි රහීම් පවසයි.

බැසිල් රාජපක්ෂ එම පොරොන්දු ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් මුස්ලිම් මන්ත්‍රීවරුන් 07 දෙනෙකු 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *