බදියුදීන්ගේ ගෝළයෝ ආණ්ඩුවට එකතු වෙලා…! ඒ නිසා බදියුදීන් අපේ පක්ෂයේ නෙමෙයි….! – මරික්කාර්….

July 31, 2021 at 8:32 am | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු නොවන බව එම පක්ෂයේ එස්.එම්. මරික්කාර් පවසයි.

පසුගිය මැතිවරණයේ දී ඔහුගේ පක්ෂය තමන් සමග සන්ධානගත වී තරඟ කළ ද සමගි ජන බලවේගය අලුතින් ගොඩනඟන සන්ධානයේ ඔහුගේ පක්ෂය නොමැති බව මරික්කාර් අනාවරණය කරයි.

20 වන සංශෝධනය මෙන් ම උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගය ද 2/3 ජයගැනීම සඳහා බදියුදීන්ගේ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවට සහයෝගය දුන් බව ද ඔහු පෙන්වා දෙයි.

තම පක්ෂය ළමා අපචාරවලට විරුද්ධ බවත් එම වරදෙහි නිරත වන බදියුදීන් නොව ඕනෑ ම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් එස්.එම්. මරික්කාර් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *