බදියුදීන්ගේ කේරළ මුස්ලිම් අන්තවාදී සබඳතා පිළිබඳ ඉන්දියාව විමර්ශන අරඹයි….! කේරළ අන්තවාදීන්ට සිරියානු IS සමඟ මෙන්ම ලංකාවේ තවුහිද් ජමාද් සමඟත් සබඳතා…!

April 30, 2021 at 7:55 pm | by emanisa.lk

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසු වන හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට ඉන්දියාවේ කේරළය සමග පැවති සම්බන්ධතා පිළිබඳව ඉන්දීය ආරක්ෂක අංශ විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

රිෂාඩ් බදියුදීන් 2009 වසරේ දී කේරළයේ කසරාගොඩ් ප්‍රදේශයේ සංචාරය කරමින් එහි ආගමික නායකයින් සමග සබඳතා ගොඩනඟා ගෙන ඇති බව අනාවරණ වී තිබේ.

එමෙන්ම රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2013 වසරේදී චෙන්නායිහි කළ සංචාරයක් අතරතුර අදාළ පාර්ශ්ව නැවත හමු වී ඇති බව අනාවරණ වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

රිෂාඩ් බදියුදීන්ගේ පියා ද කසරාගොඩ්හි පඩ්නා ප්‍රදේශයේ පුද්ගලයෙක් වන අතර ඔහු එම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකු සමග සබඳතා පවත්වා ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කර තිබුණි.

මේ අතර කේරළ කසරාගොඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණ මුස්ලිම් පවුල් 05ක් හිටි හැටියේ අනතුරුදන්ව 2016 වසරේ දී සිරියාවට පැනගොස් අයි. එස්. සංවිධානයට බැඳී ඇති බවට ද අනාවරණය තිබේ.

ඔවුන් කිහිප දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ පිරිස් හමු වී ඇති බවට ද හෙළිවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. මේ සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ සහ කේරළ පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියූදීන් පසුගිය 24 වනදා ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවටගත් අතර දින 90ක රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් මේ වන විට ප්‍රශ්න කිරිම් සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස