බද්යුදීන්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් එරෙහි වෙයි!

May 14, 2019 at 1:21 pm | by admin

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා  එයට විරෝධය දක්වා තිබේ.

එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, අතුරුලියේ රතන ස්වාමීන්වහන්සේ, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇතුළුව මන්ත්‍රීවරුන් 29ක් අත්සන් තබා තිබේ.

කෙසේ වෙතත් අද පෙවරුවේ හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පවත්වා ඇති අතර එහිදි මහින්ද රජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් අති බවත් දැන්ම ඉදිරිපත් නොකරන ලෙසත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස